සෞඛ්‍ය අංශයෙන් සොයා ගැනීමක්
(සුජිත් හේවාජුලිගේ)
ගස්කොළන් සුලබ පරිසර පද්ධති පවතින ප්‍රදේශවල කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය අංශ කළ සමීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී ඇත.
එවැනි පරිසර පද්ධති ආශ්‍රිතව ඔක්සිජන් සැපයුම ඉතා හොඳින් සිදුවන හෙයින් එම තත්ත්වය ඊට ප්රමුඛව සහ ප්රබලවම හේතුවන්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ විශ්වාසය පළ කරති. කොවිඩ් රෝගය වැලඳුනු බොහෝ දෙනකුට ඔක්සිජන් අවශ්‍ය කෙරෙන අතර එවැනි රෝගීන් බොහෝ දෙනකු පසුගිය කාලයේදී මියගියේද ඔක්සිජන් හිඟතාව පදනම් කරගෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
ඔමික්‍රෝන් පැතිරීමත් සමග කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 25කින් පමණද ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට 8කින් පමණ ද ඉහළ ගොස් ඇති බව කොවිඩ් සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.