(දයාසීලි ලියනගේ)
ජාත්‍යන්තර ගෑස් මිල, නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු, ඩොලරයේ මිල ඉහළ යාම ආදී හේතු මත මෙරට කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750කින් වත් වැඩි කිරීමට සිදුවනු ඇතැයි දැනගන්නට ඇත.
මේ වන විට ගෑස් මෙ.ටොන් එකක් ඩොලර් 300 සිට 900 දක්වා ඉහළ ගොස් ඇති අතර නැව් ගාස්තු සියයට 31 කින්ද ඉන්ධන බැරලයක මිල ඇමරිකන් ඩොලර් 112 කින් ද වැඩිවී ඇති නිසා මෙම මිල වැඩිවීම සිදුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ ගෑස් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඉල්ලීමක් ඇතත් රජය මෙතෙක් කිසිම තීරණයක් ගෙන නැති බවයි.
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල මෙ.ටොන් එකක් රුපියල් 900ක් වී ඇති නිසා දැන් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවද ඔහු කීය.