ගිං - නිල්වලා ජල ව්‍යාපෘතියට දුන් කෝටි 401 ක් වතුරේම දියවෙලා


අත්තිකාරම් ගත් අය හොයා ගන්නත් නෑ

දයාසීලි ලියනගේ

ගිං - නිල්වලා ව්‍යාපෘතිය සඳහා මූලික තැන්පතුවක් ලෙස ලබා දුන් රුපියල් කෝටි 401 ක මුදලක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. 

කිසිදු අධ්‍යයන වාර්තාවක් නොමැතිව චීන සමාගමකට ලබා දී ඇති මෙම මුදලින් කිසිදු ප්‍රතිලාභයක් උපයා නැති බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. මෙම ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 92185 ක් වී ඇති අතර එයින් සියයට හතර හමාරකට අධික මුදලක් මෙසේ අත්තිකාරම් වශයෙන් ලබාදී තිබෙන බව අනාවරණය වී ඇත. 


මෙම අත්තිකාරම් මුදල ලබා ගෙන ඇති ආයතනය හෝ පුද්ගලයන් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවන බව ද විගණන වාර්තාව සඳහන් කරයි. අත්තිකාරම් මුදල ලබා ගත්තත් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමටවත් උත්සාහයක් දරා නැති බව වාර්තා වේ.