(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගතය තදබල ලෙසින් පැතිරියාම නිසා හෙට සිට උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර අත්හිටුවා වර්ජනය පමණක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ ‘ඉරිදා ලංකාදීප’යට කීහ.
රටේ පවතින තත්ත්වය හමුවේ ගුරුවරුන් ඉල්ලා සිටින්නේ සුබෝධිනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන වර්ෂය හා දිනය සඳහන් කර චක්‍රලේඛය නිකුත් කරන්නේ නම් වර්ජනය අවසන් කරන බව යැයි ද උන්වහන්සේ කීහ.
කොරෝනා වසංගතය සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතින නිසා, රජය තීන්දුවක් ලබා දෙන තෙක් වර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
අදාළ චක්‍රලේකය හැකි ඉක්මනින් නිකුත් කළ යුතුව ඇති අතර එසේ වුවහොත් සියලු ගුරුවරුන් නියමිත රාජකාරිවල යෙදෙන බව ද උන්වහන්සේ කීහ.