ජනපතිගෙන් පොලිසියට උපදෙස්
(දයාසීලි ලියනගේ)
ගුරු සංගම් ක්‍රියාත්මක කරනු ලබන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග පාලනය කිරීමට ඉදිරිපත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
කොරෝනා නීතිය යටතේ ඉකුත්දා ගුරුවරුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සියලුම අංශවලින් බලවත් විරෝධතාවක් ඉදිරිපත් වීම නිසා මෙවැනි උද්ඝෝෂණ පාලනය කිරීමට නොයන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවද සඳහන් වේ.
ගුරුවරුන් යනු වගකීම් දන්නා උගත් පිරිසක් නිසා සැබෑ තත්ත්වය ජනතාවට අවබෝධ කරදීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
රාජ්‍ය දේපලවලට හානි නොවිය යුතු බවද සඳහන් කර ඇති ජනාධිපතිවරයා බරපතළ ලෙසින් පවතින වසංගත තත්ත්වය හමුවේ ඔවුන් වගකීම බාර ගත යුතු බවද පෙන්වා දී ඇත.