ගුවන් විදුලියෙන් නව අධ්‍යාපන සේවයක්


විෂන් එ​ෆ්.එම්. නමින් නව අධ්‍යාපන සේවයක් ඇරඹීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු යොදා ඇත. එෆ්.එම්. 102.1 සහ 102.3 යටතේ මෙම ගුවන් විදුලි සේවය සෑම දිනකම පැය 20 ක් විකාශය වේ. 

ඒ අනුව පාන්දර 4 ට විකාශන කාලය ඇරඹෙන අතර මධ්‍යම රාත්‍රී 12 ට විකාශය නිමා වේ. 5 වසර සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ , උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ මූලික වැඩසටහන් පැය 13 ක කාලයක්ද, විෂයය මූලික ​නොවන වැඩසටහන් පැය 7 ක කාලයක් ද මෙමගින් විකාශය වේ. ජන මාධ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එකතුව මෙම වැඩසටහන් මෙහෙයවයි.