(දයාසීලි ලියනගේ)
චීන විදේශ ඇමැති වෑන්-ඊ මහතා ලබන මාසයේදී ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර ඊට පෙර කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර පසුගිය මාස කීපය තුළදී චීන රජයේ ආරක්ෂක ඇමැතිවරයා හා කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් ශ්රී ලංකාවට පැමිණියහ.
මෙවර චීන විදේශ කටයුතු ඇමැතිවරයා පැමිණීමත් සමග වරාය නගරය සම්බන්ධ වැදගත් තීන්දු තීරණ ගණනාවකට එළඹීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂ ආර්ථික කොමිසම පිහිටුවීමෙන් පසු වරාය නගර ආයෝජන සමාගම මගින් රුපියල් කෝටි 40 ක ආරම්භක ප්රාග්ධනයක් යොදවනු ඇතැයිද දැනගන්නට ඇත.