(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගතය නිසා චීනයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබමින් සිටියදී මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යයාවන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර අධ්‍යාපනය ලබාදීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.
චීනයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දාහකට අධික පිරිසක් මේ වනවිට මෙරටට පැමිණ සිටින අතර ඔවුන් යළිත් ළඟදීම චීනයට ගෙන්වාගැනීමට සැලැස්මක් නැති බව වාර්තා වේ.
ඒ අනුව එම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සදහා ඔවුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර ගැනීමට අවස්ථාව සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වැඩපිළිවෙල පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහි කිරීමේ වැඩපිළිවෙළක් වශයෙන් සඳහන් කළ හැකි වන නිසා සෞඛ්‍ය අංශ හා විශ්වවිද්‍යාල සිසුන් මෙම වැඩපිළිවෙළට විරෝධය දැක්වීමට දැනටමත් තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.
තාවකාලික පදනම යටතේ මෙම සිසුන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර මුදල් ගෙවා ඉගෙන ගැනීමට අවස්ථාව සලසන අතර මෙම සිසු සිසුවියන් බහුතරයක් රජයට සම්බන්ධ ඉහළ පෙළේ බලධාරීන්ගේ දරුවන් බවද දැනගන්නට ඇත.