ඡන්ද දායක සංඛ්‍යාව එක් ලක්ෂ අසූදහසකින් වැඩිවෙලා


මැතිවරණ කොමිසමේ සභාපති කියයි

(දයාසීලි ලියනගේ)  

මෙරට ඡන්ද දායකයන් සංඛ්‍යාව පසුගිය වසරේදී 1,80,000 කින් වැඩිවී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා කීය.  

වර්ෂ 2020 ඡන්ද හිමි නාමලේඛනයට පසුගිය සතියේදී අනුමැතිය ලබාදුන් බවද සභාපතිවරයා සඳහන් කළේය.  


මේ වනවිට රටේ ඡන්ද දායක සංඛ්‍යාව 1,61,80,000ක් වී ඇතැයිද නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.  
මේ අතර මැතිවරණ කොමිසම Zoom තාක්ෂණය ඔස්සේ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කරමින් සම්බන්ධතාවන් පවත්වාගෙන යන බවද ඔහු ප්‍රකාශ කළේය.