ජනතා ගැටලුවලට සහන ඉල්ලා එජාපයෙන් උද්ඝෝෂණ


(දයාසීලි ලියනගේ)   

ජනතාව මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා රටපුරා උද්ඝෝෂණ හා විරෝධතා සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමෙන් ජනතාව පීඩාවට පත්වීම ගුරුවරුන්ගේ ප්‍රශ්නය හා ගොවිජනතාව මුහුණ පා සිටින පොහොර ප්‍රශ්නය ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණ පැවැත්වීමට තීරණය කර ඇතැයි පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.