(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හතළිහකට වැඩි පිරිසක් සිය වාහනවල ඉදිරිපස වීදුරුවේ ප්රදර්ශනය කෙරෙන පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස දැක්වෙන ලාංඡනය ඉවත් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඇතැම් මන්ත්රීවරුන් මේ බව පාර්ලිමේන්තු ප්රධානීන්ට ද දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.
ඉන්ධන, ගෑස් සහ වෙනත් පෝලිම්වල සිටින ජනතාවගෙන් කිසියම් තර්ජනයක් ඇතිවිය හැකි හෙයින් ආරක්ෂක ක්රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව බාරව සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් ද මන්ත්රීවරුන්ට එසේ කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
එසේම ඉන්ධන හෝ ගෑස් හෝ වෙනත් පෝලිම් අැති ප්රදේශ හෝ ස්ථාන හැකිතාක් මඟහැර ගමන් කරන ලෙසට ද ආරක්ෂක අංශ නිලධාරීන් මැති ඇමැතිවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
මේ අතර පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන් ප්රවාහනය කරන ලබන ලංගම බස් රථ කිහිපයක් ද ඉදිරිපස වීදුරුවල ප්රදර්ශනය කර තිබූ පාර්ලිමේන්තුව යනුවෙන් සඳහන් නාම පුවරු ඉවත් කර ධාවනය කිරීමට පියවර ගෙන ඇත.