ජනතාවට සහන දෙන්න එකතු කළ තෙල් ලාභ අරමුදලෙන් ණය ගෙවලා


(දයාසීලි ලියනගේ)  

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉතාම පහළ මට්ටමක තිබියදී මිලදීගත් තෙල් හේතුවෙන් තෙල් සංස්ථාව ලැබූ ලාභය එකතු කර පිහිටුවන ලද මිල ස්ථායීකරණ සංචිතයේ තිබූ රුපියල් බිලියන 26ක මුදල සංස්ථාවේ ණය ගෙවීම සඳහා යොදවා ගෙන ඇති බව වාර්තා වේ.  

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ ගිය අවස්ථාවේ ඒ ලාභය ජනතාවට ලබා ​නොදී ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවේ ජනතාවට සහන ලබාදීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට මෙම සංචිතය පිහිටුවනු ලැබීය.  
එහෙත් තෙල් මිල ඉහළ දමා ඇතත් ජනතාවට සහනයක් ලබා නොදීම පිළිබඳව කළ විමසීමේදී ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ එම සංචිතයේ මුදල් කොටසක් සංස්ථාව ලබා​ගෙන තිබූ බැංකු ණය පියවීමට හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෙකක මිල පාලනයට යෙදවූ බවයි.