(දයාසීලි ලියනගේ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන් ජනාධිපති මන්දිරයට කැඳවා ඇත. හෙට (19) විවාදයට ගැනෙන උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇතැයි සඳහන් වේ.
මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය දක්වා උද්ඝෝෂණය කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රමුඛ පිරිස නිරෝධායනයට යෙදවීමේ ක්‍රියාවලිය පිළිබඳව අප්‍රසාදය දක්වන මන්ත්‍රී පිරිසක් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට ද අදහස් කර සිටින බව ද වාර්තාවේ.