ජපානයේ හිටපු අගමැති වෙඩි පහරින් මියයයි


ජපානයේ හිටපු අගමැති ෂෙන්සෝ අබේ මහතා වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ බව විදෙස් මාධ්‍ය පවසයි.


හිටපු අග්‍රාමාත්‍යවරයා වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ජන හමුවකට සහභාගී වී, රැස්ව සිටි පිරිස අමතා කතා කරමින් සිටින අවස්ථාවේදීය.

වෙඩි තැබීම කළේ පිරිස අතර සිටි අයර්ලන්ත ජාතිකයකු බවත් ආරක්ෂක නිලධාරීන් විසින් වහා ඔහු අත්අඩංගුවට ගැණුනු බවත් මුලදී වාර්තා විය.   


වෙඩි ප්‍රහාරය අග්‍රාමාත‍්‍යවරයාගේ පපුව පසාරු කළ බවත්, සිහිසුන්ව ඇද වැටුණු ඔහුගේ හදවත නැවැතී තිබුණු බවත් වෛද්‍ය ආධාරකරුවන් ඔහුට ප්‍රථමාධාර ලබා දෙන්න වූ බවත් ජපානයේ එන්.එච්.කේ. පුවත් සේවය වාර්තා කරයි.   


ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා වන්නේ ෂෙන්සෝ අබේය. 2012 සිට 2020 සැප්තැම්බරය තෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අබේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට නොහැකි බව පවසමිනි.


එහෙත් පසුව හෙළිදරව්වූයේ වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු 41 හැවිරිදි ජපාන ජාතිකයකු බවය. ඔහු ජපාන සමුද්‍රාරක්ෂක බළකායේ සේවය කර විශ්‍රාම ලබා සිටි අයෙකි. ෂින්සෝ අබේගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පවතින අතෘප්තිමත්භාවය හේතුවෙන් මෙසේ වෙඩි තැබූ බව සැකකරු පවසා ඇත.