බත් ඇති තැනටම කොසුත්
(දයාසීලි ලියනගේ)
ජාතික රෝහලේ ජීව රසායන විද්‍යාවේද පර්යේෂණ යන්ත්‍ර 6 ක් නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිද්දී තවත් එවැනි යන්ත්‍ර 6 ක් රුපියල් කෝටි 40 කට අධික මුදලක් වැය කර ගෙන්වා තිබෙන බව වාර්තා වේ.
රුධිරයේ සීනි පරීක්ෂාව, කොලෙස්ටරෝල් පරීක්ෂාව වකුගඩු පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ ගණනාවක් සඳහා මෙම යන්ත්‍ර පාවිච්චි කරනු ලබයි.
සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු මුළු රටම දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින මේ අවස්ථාවේ අදාළ යන්ත්‍රවලින් තවදුරටත් සේවාවන් ලබා ගැනීමට හැකියාව තිබියදී කිසිවකුගේ ඉල්ලීමකින් තොරව අමාත්‍යාංශය මෙම යන්ත්‍ර ගෙන්වා ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කීය.
මෙම යන්ත්‍ර හය එකම ස්ථානයකින් ගෙන්වා ඇතත් විවිධ මිල ගණන්වලින් යුක්ත වන බවද ඔහු ප්‍රකාශ කළේය. අනවශ්‍ය ලෙස මුදල් වැයකර මෙම යන්ත්‍ර කඩිමුඩියේ මිලදී ගැනීම පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙන අතර සිද්ධියට අදාළ තොරතුරු සපයන නිලධාරීන් හිටි හැටියේ මාරු කරමින් සිටින බවද කුමුදේශ් මහතා වැඩිදුරටත් කීය.