අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ සඳහා එම මන්ී කණ්ඩායම පෙරේදා (19) පස්වරුවේ අනුරාධපුරය බලා පිටත්ව ගිය අතර, ඔවුන් සති අන්තයේ අනුරාධපුරයේ රැඳී සිටිනු ඇතැයි දැනගන්නට තිබේ.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්රමුඛ අටමස්ථානය වැඳපුදාගෙන, ප්‍රදේශයේ විහාරස්ථානවල මහා සංඝරත්නය ද බැහැදැක ආශිර්වාද ලබාගැනීමට මෙම පිරිස අපේක්ෂා කරන අතර, ප්‍රදේශයේ දේශපාලන ක්රියාකාරිකයන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත.
මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු පමණ මෙම ගමනට එක්ව සිටින බව වාර්තා වේ.