ඩොලර් මිලියන 515 ක ණයක් ලබන මාසයේ ගෙවන්න වෙලා


(දයාසීලි ලියනගේ)  

ලබන මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 515ක තවත් ණය මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවී ඇත.  


පසුගිය ජනවාරි මාසයේදී ගෙවීමට නියමිතව තිබූ මෙම ණය මුදල ලබන මාර්තුවේදී ගෙවීමට ඉන්දියාව මගින් සහන කාලයක් ලබාදී තිබූ බව හිටපු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

මේ වන විට ශ්‍රී ලකාව සතුව විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ​ ​ඩොලර් මිලියන 7000 ක් වී ඇති අතර එය මේ දක්වා තිබූ අඩුම විදේශ සංචිත ප්‍රමාණය බව හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.