තවත් ඇමැති කිහිප දෙනකුගේ තනතුරු වෙනසක්


  • අරුන්දිකට යළිත් රාජ්‍ය ඇමැතිකම
  • දිලුම් ප්‍රවාහන ඇමැති 
  • විමලවීරගෙන් වනජීවී ඇමැතිකම ගැලවෙයි

අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා ගන්නා ලද තීරණයට අනුව තවත් ඇමැතිවරුන් හතර දෙනෙකුගේ විෂයයන් වෙනස් කර තිබේ. 

එම ඇමැතිවරු නව අමාත්‍යාංශ සඳහා ඉකුත් සිකුරාදා දිවුරුම් දුන්හ. එ් අනුව රාජ්‍ය ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා යළි පොල් කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන වර්ගීකරණ රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.  


දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන කැබිනට් ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.  


මීට අමතරව විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙසට ද, සී.බී. රත්නායක මහතා වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමැතිවරයා වශයෙන්ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.