(දයාසීලි ලියනගේ)
ඖෂධ හා ආහාර නොවන ග්‍රෑම් 20 සැෂේ පැකට් නිෂ්පාදනය තහනම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබියදී ග්‍රෑම් 24 සැෂේ පැකට් නිෂ්පාදනය කර බෙදා හැර ඇති බහු ජාතික සමාගමක බලපත්‍රය වහාම තහනම් කරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරියට ලබා දී ඇති උපදෙස් මාසයක් තිස්සේ ක්‍රියාත්මක කර නැති බව වාර්තා වේ.
මෙම නිෂ්පාදන ආයතනයේ බලපත්‍ර අහෝසි කර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ද උපදෙස් දී ඇත.
ග්‍රෑම් 20 වෙනුවට ග්‍රෑම් 24 ක සැෂේ පැකට් නිපදවා මෙම සමාගම ඒවා වෙළෙඳ පොලට නිකුත් කර තිබෙන බව ද අනාවරණය වී ඇත.
මේ අතර මින් ඉදිරියට ග්‍රෑම් 100 ට වැඩි ආහාර හා ඖෂධ නොවන පැකට් පමණක් නිෂ්පාදනය කිරීම සඳහා අවසර ලබාදීමේ ගැසට් පත්‍රයක් ළඟදීම නිකුත් කිරීමට ද රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.