තෙල් පිරිපහදුවේ නඩත්තුවට මිලියන 1200ක් ගිහින්


 

(දයාසීලි ලියනගේ)   

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 1200ක මුදලක් මෙවර වැය කිරීම ගැන විගණන පරීක්ෂණයක් පවත්වන බව වාර්තා වේ.   
මෙම පිරිපහදුව නඩත්තු කිරීමට දින 45ක කාලයක් ගත වන අතර වෙනදා මේ සඳහා වියදම් වන්නේ මිලියන 450ක පමණ මුදලක් බව සඳහන් වේ.   

පිරිපහදුව නඩත්තුවේ දී බරපතළ රසායනික ද්‍රව්‍ය සමග කටයුතු කිරීමට සේවකයන්ට සිදුවන නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා ලක්ෂ හතත්, අටත් අතර මුදලක් දීමනා වශයෙන් ලබාදීම සිදු වේ.   


මෙවර මෙතරම් විශාල මුදලක් වැය වීම පිළිබඳව සංස්ථාවේ වෘත්තීය සමිති අදාළ බලධාරීන්ට පැමිණිලි කර ඇති අතර මෙම මුදල් වැය කිරීම පිළිබඳව විගණන පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.