දකුණු අප්‍රිකා ප්‍ර​භේදය ආවොත් පැතිරීමේ වේගය සියයට තුන්සීයක්


(දයාසීලි ලියනගේ)  

දකුණු ඇ​ෙමරිකාවේ හා දකුණු අප්‍රිකාවේ පැතිරෙමින් පවතින C.1.2 කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වුවහොත් එහි පැතිරීමේ වේගය 300% ක් වනු ඇතැයි අනාවරණය වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කීය.   

ඩෙල්ටා ප්‍රභේදය මෙන් තුන් ගුණයකින් වයිරසය පැතිරීමේ ඉඩ ඇති බැවින් වයිරසය රටට ඇතුළු වනතුරු බලා නොසිට ජනතාවගේ ආරක්ෂාව සඳහා කල් ඇතිව ​අවශ්‍ය තීරණ ගත යුතු බව ද වෛද්‍ය බෙල්ලන මහතා කීය.   


ඩෙල්ටා වයිරසය පැතිරෙමින් පවතිද්දී තීරණ ක්‍රියාත්මක කළ ආකාරයට දකුණු අප්‍රිකා ප්‍රභේදය සඳහා ද කටයුතු කළහොත් අතිශයින් බරපතළ තත්ත්වයකට රට පත්වන බව වෛද්‍ය බෙල්ලන මහතා පෙන්වා දී ඇත.