විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
(උපුල් වික්‍රමසිංහ)
කොවිඩ් 19 වයිරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට බත් සමග කහ පැහැති එළවළු හා පලා වර්ග ඇතුළත් පෝෂ්‍යදායී ආහාර ලබා දීම වැදගත් යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
සොසේජස් වැනි කෘත්‍රීම ආහාර වර්ග වෙනුවට විටමින් වර්ග අඩංගු ස්වාභාවික ආහාර දරුවන්ට ලබා දිය යුතු බවත් ඒ අනුව වට්ටක්කා වැනි කහ පැහැති එළවළු හා මුරුංගා කොළ හා ගොටු කොළ ආදී පලා වර්ගත් සමග බිත්තර ආහාර වේලට එක් කිරීමෙන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වන බවත් ඒ මහතා සඳහන් කළේය.
දරුවන් හිරු එළියට නිරාවරණය නොවන කාමර හෝ වායුසමීකරණය කරන ලද කාමරවලම රැඳවීම මගින් ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍ය පිරිහෙන බැවින් ඔවුන් හිරු එළිය පවතිත වන ස්ථානවලට නිරාවරණය කිරීම ද වැදගත් බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.