දින අටේ නිවාඩුව නොසලකා රෝහල්වල තනි තීරණ


දයාසීලි ලියනගේ 

ඉන්ධන හිඟය නිසා සෞඛ්‍ය සේවාවේ යෙදෙන අයගේ නිවාඩුවලට අමතරව මසකට දින 8 ක් නිවාඩු ලබාදීමට අමාත්‍යාංශය ගෙන ඇති තීරණය නොසලකා හරිමින් බොහොමයක් රෝහල්වල කටයුතු කිරීම නිසා ඒවායේ විරෝධතා ආරම්භ වී ඇත.

දකුණු පළාතේ රෝහල්වල ගිය සතියේ මෙයට විරෝධය දක්වා වර්ජන පවත්වනු ලැබූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීය. 


බො​හෝමයක් රෝහල්වල අමාත්‍යාංශ තීන්දුව නොසලකා හරිමින් කටයුතු කිරීම පිළිබඳ සෞඛ්‍ය සේවයේ අය දැඩි කලකිරීමට පත්වී සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. මීට අමතරව ගිය මාසයේ වැටුපෙන් කපාහරින ලද දීමනා මේ මාසයේ වැටුපට එක් කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාණ්‍ඩාගාරයට උපදෙස් දී ඇත.