රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
(දයාසීලි ලියනගේ)
දිනකට කොරෝනා ආසාදනය වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති අතර මිය යන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවට රෝහල්වල නිල නොවන වාර්තා වලින් හෙළි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.
වයිරසයේ ව්‍යාප්තිය ඉතාම වේගවත්ව සිදුවන නිසා මෙම සංඛ්‍යාව ඉදිරි දින කීපය තුළදී දෙගුණ තෙගුණ විය හැකි බවද වෛද්‍ය සොයිසා මහතා අනතුරු අඟවයි.
මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා එන්නත් ලබා දිය යුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගය ඉදිරිපත් කර ඇතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයට බාහිර පිරිසකගේ බලපෑමෙන් එය හරියාකාරව සිදු නොවන බව පෙනෙන්නට ඇතැයි ද ඔහු කීය.
මෙහි ප්‍රතිඵලයක් ලෙසට වයස 60 ඉක්ම වූ ජනතාවට තවමත් පළමු මාත්‍රාව ලබා දීමත් සිදු වන බවද ඔහු කීය. අද වන විට එන්නත් මාත්‍රා මිලියන 19.5 ක් මෙරටට ගෙනැවිත් තිබුණත් ඉන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ළඟා කර ගෙන ඇත්තේ මුළු ජනගහනයෙන් සියයට 15 ක් බවද ඔහු කීය.
එන්නත්කරණය නිවැරදි ක්‍රමවේදයට සිදු කළා නම්, සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ජනගහනයෙන් සියයට 45 කට ළඟා කර ගැනීමට හැකිව තිබෙන අතර මිය යන සංඛ්‍යාවද අඩුවන බවත් වෛද්‍ය සොයිසා මහතා කීය.