නම් ලැයිස්තුව ගිය සතියේදී රජයට
(සුජිත් හේවාජුලිගේ)
දේශපාලනඥයන් අසූ පස් දෙනෙකු සිය නිවාසවලට ලබා ගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.
ජල බිල ගෙවීම පැහැර හැරි දේශපාලනඥයන්ගේ ලයිස්තුව එම මණ්ඩලය විසින් රජයට පසුගිය සතියේ බාරදෙනු ලැබීය.
මෙසේ ජල බිල ගෙවීම පැහැර හැර ඇති දේශපාලනඥයන් පිරිසට පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරු, හිටපු මැති ඇමැතිවරු සහ මියගිය මැති ඇමැතිවරු ද ඇතුළත් වෙති.
මෙම දේශපාලනඥයන්ගෙන් 50කට ආසන්න පිරිසකගේ හිඟ ජල බිල රුපියල් ලක්ෂ 6-10 අතර වන බව ජල සම්පත් මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්ගේ
හිඟ ජල බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 70 ඉක්මවන බව දැනගන්නට ඇත. මියගොස් ඇති දේශපාලනඥයන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව ලක්ෂ 30කට වැඩිය.