දයාසීලි ලියනගේ
වසර 3ක කාලය තුළ දේශපාලනඥයන්ගේ හා තෙල් සංස්ථාවේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ ඥාතීන්ගේ නමට තෙල් පිරවුම්හල් බලපත්‍ර 60කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බව වාර්තාවේ.
මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින තෙල් පිරවුම්හල් සංඛ්‍යාව 1343කි.
මීට අමතරව මෑතකදී හිටපු දේශපාලනඥයකුට ද බලපත්‍රයක් ලබා දී ඇති බව වාර්තාවේ. මේ අතර ඉන්ධන පිරවුම්හල්වලට දෙනු ලබන කොමිස් මුදල වැඩි කිරීම නිසා තෙල් සංස්ථාවට රුපියල් කෝටි 7ක අමතර මුදලක් දැරීමට සිදුවී ඇතැයි ද කියති.