(දයාසීලි ලියනගේ)
දේශපාලනඥයන්ගේ හිතවත්තු 765 දෙනකුට වැලි කැණීම් බලපත්‍ර ලබා ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
කිසිම දේශපාලනඥයකුගේ ඉල්ලීමකට වැලි කැණීම් බලපත්‍ර ලබා නොදෙන ලෙසට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇතත් විවිධ අයථා මාර්ග ඔස්සේ මෙම බලපත්‍ර ලබා ගැනීමට ඇතැම් අය උත්සාහ දරමින් සිටින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රකාශකයෙක් කීය.
ඉදිරි වසර හතරක කාලය සඳහා වැලි සහ මීටර් මිලියන 55 ක් අවශ්‍ය බව සඳහන් කරන එම කාර්යාංශය දැනට ලබා දීමට හැකියාව ඇත්තේ ඝන මීටර් මිලියන 41 ක් බව ද ප්‍රකාශ කරයි.
මේ වෙන විට වැලි කැණීම් කටයුතු ප්‍රමිතියකින් තොරව සිදුවීම නිසා බරපතළ පරිසර හානියක් සිදුවෙන බව ද එම ප්‍රකාශකයා කීය.