නිමන්ති රණසිංහ
අධ්‍යාපන කටයුතු හෝ ධර්මදූත සේවය සඳහා විදේශයන්ට පිටව ගිය භික්ෂුන් වහන්සේලා 124 දෙනකුට බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පසුගිය වර්ෂයේදී නිර්දේශ ලිපි නිකුත් කර අනුමැතිය ලබාදී ඇත.
විදේශ ගතවීමේදී වීසා ලබාගැනීම සඳහා අමාත්‍යාංශය විසින් මෙම නිර්දේශ ලිපි නිකුත් කරනු ලැබ ඇත්තේ තානාපති කාර්යාලය සඳහාය.
ඉතාලිය සඳහා නිර්දේශ ලිපි තුනක්ද ජර්මනිය සඳහා නිර්දේශ ලිපි තුනක්ද ඉන්දියාව සඳහා නිර්දේශ ලිපි 12ක්ද ඇමරිකාව සඳහා නිර්දේශ ලිපි 26ක්ද නවසීලන්තය සඳහා එක් නිර්දේශ ලිපියක්ද ඕස්ට්‍රේලියාව සඳහා නිර්දේශ ලිපි දහයක්ද ජපානය සඳහා නිර්දේශ ලිපි හයක්ද කැනඩාව සඳහා නිර්දේශ ලිපි අටක්ද ස්විට්සර්ලන්තය සඳහා නිර්දේශ ලිපි දෙකක්ද නේපාලය සඳහා නිර්දේශ ලිපි දෙකක්ද කොරියාව සඳහා නිර්දේශ ලිපි හයක්ද ඊශ්‍රායලය සඳහා නිර්දේශ ලිපියක්ද එංගලන්තය සඳහා නිර්දේශ ලිපි විසි තුනක්ද ප්‍රංශය සඳහා නිර්දේශ ලිපි 16ක්ද තායිලන්තය සඳහා නිර්දේශ ලිපි පහක්ද වශයෙන් නිර්දේශ ලිපි 124ක් මෙසේ නිකුත් කරනු ලැබ ඇත.
අධ්‍යාපන කටයුතු හෝ ධර්මදූත සේවය සඳහා භික්ෂුන් වහන්සේලා වැඩි පිරිසක් එම වර්ෂයේදී ගොස් ඇත්තේ ඇමරිකාවටය. එම සංඛ්‍යාව 26කි.
මෙම තොරතුරු සඳහන් වී ඇත්තේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2021 වාර්ෂික වාර්තාවේය.