දයාසීලි ලියනගේ
නත්තල් උදාවන අද (25) දිනයේ සහ හෙට (26) දිනයේ රටපුරා තද වැසි හා තද සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පැයට කිලෝ මීටර් 50ත් 60ත් අතර වේගයෙන් සුළං හමායන අතර තද වැසිද ඇති වෙයි. උතුර, උතුරු-මැද, නැගෙනහිර හා වයඹ ප්‍රදේශවලට මේ තත්ත්වය විශේෂයෙන් බලපාන බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්දිස් මහතා කීය.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය පෙරේදා (සිකුරාදා) වනවිට ත්‍රිකුණාමලය ඊසාන ප්‍රදේශයේ කිලෝ මීටර් 350ක දුරින් පැවතුණු බව ඒ මහතා සඳහන් කළේය. උතුරු ප්‍රදේශය හරහා ඇදී යාමට තිබූ සුළං හා වැසි තත්ත්වය සිකුරාදා වනවිට හමා යන මාර්ගය වෙනස්වී ලංකාව හරහා හමා යන බව දත්ත විශ්ලේෂණවලින් අනාවරණය වී ඇතැයිද මෙන්දිස් මහතා ප්‍රකාශ කළේය.
හෙට (26) හවස්වන විට සුළං හා වැසි අරාබි මුහුද දෙසට ගලා යාමෙන් දිවයිනෙන් ඉවත්ව යනු ඇතැයිද ඒ මහතා කීය.