නියෝජ්‍ය කථානායක තරගයට හතළිස්දෙනාගේ කණ්ඩායමෙනුත්


(අජන්ත කුමාර අගලකඩ)

රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වන නියෝජ්‍ය කථානායක ධුරයට සුදුස්සකු තෝරාගැනීමේදී හතළිස් දෙනාගේ  කණ්ඩායමේ සාමාජිකකු ද ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්රීඩවරයකු නියෝජ්‍ය කථානායක ධුරය සදහා ඉදිරිපත් කළහොත්, ඒ සඳහා පැවැත්වෙන ඡන්දයේ දී ආණ්ඩුවේ පිරිසක් ද ඔහුට ඡන්දය දීමට ඉඩ ඇති බැවින්, මෙම පියවර ගැනීමට ඔවුන්ගේ අවධානය යොමු වී ඇතැයි දැනගන්නට තිබේ.


ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයකු  නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් කළහොත් ආණ්ඩුවෙන් මන්ත්‍රීවරයකු ඉදිරිපත් නොකිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.