නිරෝධායන ඇඳිරිය ලබන සඳුදා තෙක් දිගුවෙයි


(අජන්ත කුමාර අගලකඩ)   

කොරෝනා පාලනය කිරීම සඳහා රට පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳුදා (06) දක්වා තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

රජය විසින් ඉකුත් විසිවැනි දා පනවනු ලැබූ නිරෝධානය ඇඳිරි නීතිය හෙට, (30) අලු‍යම 4.00ට අවසන් අවසන් වීමට නියමිතව තිබිණි.   


එහෙත් කොරෝනා රෝගීන්ගේ සහ කොරෝනා මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන්, එය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කළේය.