නිරෝධායන ඇඳිරිය 13 තෙක්


(අජන්ත කුමාර අගලකඩ)  

 දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය රජය විසින් ලබන 13 වැනිදා දක්වා සතියකින් දීර්ඝ කරනු ලැබීය.   


 කොරෝනා රෝගීන් සහ කොරෝනා මරණ තවමත් විශාල වශයෙන් වාර්තා වීම සැලකිල්ලට ගනිමින් රජය මෙම පියවර ගෙන තිබේ.   

කොරෝනා මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට නම්, නිරෝධායන ඇඳිරි නීතිය ලබන 18 වැනිදා දක්වා වන තෙක් හෝ දීර්ඝ කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට විශේෂඥ කමිටුව ද පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.   


 කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් ඉකුත් මස 20 වැනිදා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය හෙටින් (06) අවසන්වීමට නියමිතව තිබිණි.   


සෞඛ්‍ය අංශවල ඉල්ලීම් සලකා බලමින්, එය තව සතියකින් දීර්ඝ කරන්නට ආණ්ඩුව පියවර ගෙන ඇත.