දයාසීලි ලියනගේ
රටට රුපියල් බිලියන 30කට අධික මුදලක් අහිමි කළ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් ඇතුළුව නිලධාරින් පස් දෙනකු සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය මුදල් අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව වාර්තාවේ.
බිලියන 15ක් වටිනා සහල් ආනයනය කර ඒවා විනාශවීමට ඉඩ ඇරීම හා සීනි බදු වංචාවෙන් බිලියන 16ක් රටට අහිමි කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස දැනුම්දී ඇතැයි විගණන කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.
මීට අමතරව වැට් බදු වංචාවෙන් රුපියල් බිලියන 4ක පමණ මුදලක් අහිමි කර තිබෙන බවද ඔහු සඳහන් කරයි.
මෙම වැට් බදු වංචාවට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සිව් දෙනකු සම්බන්ධ බවට අනාවරණය වී ඇතත් නිසි පියවරක් ගෙන නොමැති බවද සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ලබාදී ඇති අධිකරණ නියෝග ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වා දෙන විගණන අංශ වංචාවලට සම්බන්ධ බවට අනාවරණය වී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසටද පෙන්වා දෙයි.