නිවස ලක්ෂයකට කුලියට දීලා ලොක්කා නිල නිවසක පදිංචි වෙලා


 

දයාසීලි ලියනගේ   

තම නිවස රුපියල් 1,25,000 ක මුදලකට කුලියට දී මාසිකව රුපියල් 500 බැගින් ගෙවා නිල නිවාසයක පදිංචිව සිටින පළාත් ඉහළ නිලධාරියෙක් පිළිබඳව වාර්තා වේ. 


එකම බල ප්‍රදේශය තුළ පෞද්ගලික නිවසක් හිමි දේශපාලනඥයකුට හෝ ඉහළ නිලධාරියකුට නිල නිවසක් ලබා නොදීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. 

ඇමැතිවරයකුට වුවත් කොළඹ ප්‍රදේශයේ නිවසක් හිමි නම් ඔහුට නිල නිවසක් ලබා නොදීම සිදුවන්නකි.  එහෙත් මෙම නිලධාරියා තමන් පදිංචි නගරයේම නිවසක් හිමිව තිබියදී ඒ අසලම නිල නිවාසයක පදිංචිව සිටින බව වාර්තා වේ.