(උපුල් වික්‍රමසිංහ)
කොවිඩ් 19 ආසාදිත රෝගීන් නිවෙස්වල සිට කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ එසේ නිවෙස්වල රඳවා ප්‍රතිකාර කරන රෝගීන්ට අවශ්‍ය ෙවෙද්‍ය උපදෙස් දුරකථන මාර්ගයෙන් ලබාදීම සඳහා දැනට ගර්භණී තත්ත්වයේ පසුවන වෛද්‍යවරියන් 470කට වැඩි පිරිසක් ඉදිරියේදී යෙදවීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඉරිදා ලංකාදීපයට පැවැසුවේ ගර්භණී තත්ත්වයේ පසුවන රාජ්‍ය සේවකයන් සේවයට නොකැඳවන ලෙස සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනය සැලකිල්ලට ගනිමින් දැනට ගර්භණී අවධියේ සිටින වෛද්‍යවරියන් මෙලෙස දුරකථන මාර්ග ඔස්සේ කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිට කළමනාකරණය කරන රෝගීන්ට ඇති වන වෛද්‍ය ගැටලුවලට සහායවීම පිණිස යෙදවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කළ බවය.
කොවිඩ් 19 ආසාදිත රෝගීන් නිවෙස්වල සිට කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ රෝග ලක්ෂණ නොපෙන්වන බෝ නොවන රෝග නොමැති සහ නිවෙසේ සිට ප්‍රතිකාර කළ හැකි රෝගීන් කෙරෙහි පමණක් අවධානය යොමු කරන බව කී පාදෙණිය මහතා වාර්තා වන කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගෙන් සියයට අසූවක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වන නිසා ඔවුන් සියලු දෙනා රෝහල් ගත කිරීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන්හට ප්‍රතිකාර ලබා දීම ගැටලුවක් බවට පත්වන බවද සඳහන් කළේය.