(සුජිත් හේවාජුලිගේ)
නුවරඑළිය නව ක්‍රීඩාංගණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීම නිසා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් මුළුමනින්ම අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම ක්‍රීඩා සංකීර්ණය 2019 වර්ෂයේ දී ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබුණද 2020 වර්ෂයේදී එය මෙලෙස අතරමග නවතා දමා ඇති බව එම කාර්යාලය පවසයි.
ඉහළ උන්නතාංශ ක්‍රීඩාංගණ සංකීර්ණය ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් නුවරඑළියේ හෙක්ටයාර් 34ක පමණ ඉඩක ඉදිකිරීමට සැලසුම් කර තිබුණේ මලල ක්‍රීඩා, කබඩි, දැල්පන්දු, හොකී, පාපැදි, වොලිබෝල් වැනි එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දරාගැනීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුවය.
මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් වටිනාකම යුරෝ 75,528,700 කි. එම පිරිවැයෙන් සියයට හැත්තෑවක් එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය මගින්ද ඉතිරි සියයට 30 මහජන බැංකුව මගින්ද සපයා ගැනීම සඳහා ණය ගිවිසුම් අත්සන් කර ණය සැලසුම් ගාස්තු ලෙස රුපියල් පන් කෝටි දස ලක්ෂ හතළිස් හත් දහස් විසි එකක මුදලක් (51,047,021) එම බැංකුව ගෙවා තිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.
මීට අමතරව 2019 වර්ෂයේදී වැටුප් කාර්යාල උපකරණ ඇතුළු අනෙකුත් කටයුතු සඳහා රුපියල් පන් කෝටි තිස් පන් ලක්ෂ පනස් එක් දහස් හය සිය තිස් එකක මුදලක් (53,551,631) ගෙවා ඇතැයි ද විගණන විමර්ශනවලදී තොරතුරු හෙළි වී ඇත.