(දයාසිලී ලියනගේ)
නොරොච්චෝල තාප බලාගාරයට ගල් අඟුරු සැපයීමේදී අඩුවෙන් ගණනය කරන ලද රුපියල් මිලියන 205ක වැට් බදු මුදල අාපසු අයකර ගැනීමේදී එයින් රජයේ ආදායමට බැරවී ඇත්තේ රුපියල් මිලියන 61.5ක් බව අනාවරණය වී ඇත.
205ක හිඟ වැට් බදු මුදල දඬුවමක් ලෙසට අය කර ගැනීමට නියම කර තිබූ බව රජයේ ගිණුම් කාරක සභාව සඳහන් කරයි.
දඬුවමක් ලෙසට ලබා ගැනීමට නියම කර තිබූ මෙම මුදලින් රුපියල් මිලියන 102.5ක් රේගු නිලධාරීන්ට ත්‍යාග ලෙස ගෙවීමටද රුපියල් මිලියන 41ක මුදලක් නිලධාරීන්ගේ සුබසාධනය සඳහා ද ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව වැට් බදු අඩුවෙන් ගණනය කිරීම හේතුවෙන් රුපියල් මිලියන 205ක් දඩයක් ලෙස පනවා අයකර ගෙන ඇතත් එයින් කාලක ප්‍රමාණයක් රජයේ ආදායමට බැර කර ඇති බව ගිණුම් කාරක සභාව සඳහන් කරයි.