දයාසීලි ලියනගේ
ලංකා විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කරන විදුලිය සඳහා සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් අයකරනු ලැබුවත්, ලෙකෝ ආයතනය මගින් නිකුත් කරන විදුලිය සඳහා එම බද්ද අය නොකරන බව දැනගන්නට ඇත.
සමාජ ආරක්ෂණ බදු පනතේ පවතින යම් ෙදා්ෂ සහගත තත්ත්වයක් මෙයට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය. එබැවින් අදාළ පනත යළි සංශෝධනය කිරීමට සිදුවී ඇති බව ද වාර්තා වේ.
විදුලි බල මණ්ඩලයේ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 70 කට ආසන්න වන අතර මණ්ඩලයෙන් ලබා ගත් විදුලිය බෙදා හරින ලෙකෝ ආයතනයේ පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 12 කට අධිකය.