(දයාසීලි ලියනගේ)
පරිසරයට හානි නොවන ආකාරයට ගල් අඟුරු බලාගාර පිහිටුවීම පිළිබඳව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එකඟතාවය
දක්වා ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් සමඟ පසුගිය බදාදා පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙලෙස එකඟතාවය දැක්වූ බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා කීය.
ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීමේදී පරිසරයට අළු මිශ්රවීම තර්ජනයක් වන නිසා එය වළක්වා ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීමේ දියුණු තාක්ෂණයක් පවතින බව ජනාධිපතිවරයාට පෙන්වා දීමෙන් පසු මෙම එකඟතාවය පළකර ඇත.