(දයාසීලි ලියනගේ)
පාක්ෂිකයන් දැනුවත් කිරීම හා ශක්තිමත් කිරීම සඳහා පන්ති 5ක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් මෙම පන්ති පැවැත්වීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කීය.
‘පන්නරය’ යනුවෙන් මෙම වැඩ පිළිවෙළ නම්කර තිබෙන අතර දිස්ත්‍රික්ක මට්ටමින් පාක්ෂිකයන් මෙම වැඩ පිළිවෙළට සහභාගි කර ගනු ලබයි. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන බවද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.