පාඨලීගේ දුරකථනයට සවන් දුන්නාට වරප්‍රසාද ප්‍රශ්නයක්


දයාසීලි ලියනගේ   

පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිවරයාගේ ‘වට්ස් ඇප්’ දුරකථන සංවාද පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරිවරයා ලබන සතියේදී පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ඇත.

කට උත්තරයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ තමන් ලබා තිබූ වට්ස් අැප් දුරකථන ඇමතුම් පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර මෙම දුරකථන ඔස්සේ පවත්වන කතාබහ දත්ත ක්‍රමයක් මගින් සටහන් වෙන නිසා තම දුරකථන සංවාද ලබා ගැනීම මගින් වරප්‍රසාද කඩ වී ඇති බව හිටපු ඇමැතිවරයා වරප්‍රසාද කමිටුවට පැමිණිලි කර ඇත.   


‘වට්ස් අැප්’ දුරකථනවලට සවන්දීම හෝ ඒවායේ තොරතුරු ලබා ගැනීම පිළිබඳ තාක්ෂණය මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති තත්ත්වයක් මත තම වට්ස් අැප් දුරකථන සංවාද පිළිබඳ තොරතුරු ලබා ගැනීම ගැටලුවක් බව ද හිටපු ඇමැතිවරයා වරප්‍රසාද කමිටුවට පෙන්වා දී ඇත.