පාඩු ලබන ආයතන වසා දමයි


එක සමාන වැඩකරන ආයතන එකට එකතු කරයි

දයාසීලි ලියනගේ   

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ වසා දැමීමටත් සමාන කාර්යයන්හි නිරතවන ආයතන ඒකාබද්ධ කිරීමටත් රජය තීරණය කර ඇත.   

පුනරාවර්තන වියදම් අඩු කිරීම හා අනවශ්‍ය වියදම් කපා හැරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන බව මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීය.   


ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් ලබාදිය හැකි ඍජු හා කඩිනමින් ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ස්වරූපයේ ව්‍යාපෘති සඳහා පමණක් වැඩි අවධානය යොමු කිරීමට ද තීරණය කර ඇත.   


ලබන වසර සඳහා අවම වියදමකින් ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ඉල්ලුම් කරන ලෙසට ද නියම කර තිබේ.