අනුරුවක් දැවයෙන් සෑදීමට නියෝග
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය ලෙස සැලකෙන සෙංකෝලයේ කුඩා හානි (කඩතොලු) කිහිපයක් හඳුනාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේ ඇති වූ විවිධ සිදුවීම්වලදී මෙම හානි සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම හානි මෙරටදී පිළිසකර කිරීමේ හැකියාවක් නැති බවත් පිළිසකර කරන්නේ නම් එය එංගලන්තයේ මවු සමාගමට යැවිය යුතු බවත් ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් මෙම හානි බැලූ බැල්මට බාහිරට නිරීක්ෂණය නොවන බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ අනුරුවක් දැවයෙන් සකස් කර පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සලස්වන ලෙස වේත්‍රධාරිවරයා එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවට පසුගිය දා උපදෙස් දුන්නේය.
සෙංකෝලය සභා ගැබේ තබා ඇති අවස්ථාවල පාසල් දරුවන් ඇතුළු පිරිස්වලට එය දුරින් දැකබලා ගැත හැකි වුවත් ළඟ සිට දැකබලා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙම අනුරුව සකස් කරන බව ද ඔහු සඳහන් කළේය.