පාසල් ගැන තීන්දුවක් ගන්න සෞඛ්‍ය අංශ අමාත්‍යාංශයට කියයි


(දයාසීලි ලියනගේ)  

පාසල් අතර කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යන තත්ත්වයක් පවතින නිසා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලවා ඒ සම්බන්ධව පසුවිපරමක් හා විශ්ලේෂණයක් සිදුකර තීන්දුවකට එළඹිය යුතු බව සෞඛ්‍ය අංශ සෙඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.  

විශේෂයෙන් රෝගයෙන් සංකූලතා ඇතිවීම හා එන්නත්කරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කර ගතයුතු තීන්දු තීරණ වහාම ගන්නා ලෙස මෙහිදී ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.  


පාසල් අතර වසංගතය පැතිර යාමේ වර්ධනයක් පෙන්නුම් කරන නිසා එය තවදුරටත් පැතිරයාම වැළැක්වීමට අවශ්‍ය තීරණ, නොපමාව ගත යුතු බවද ඔහු සඳහන් කළේය. මේ වන විට පාසල් විවෘත කර තිබෙන නිසා තත්ත්වය පාලනය කර ගත යුතු බවද වෛද්‍යවරයා කීය.