අජන්ත කුමාර අගලකඩ
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම හෙට (20) සිට සති දෙකකට සීමා කිරීමට රජය තීරණය කර ඇත.
ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ලේකම්වරයා විසින් ඉකුත් සිකුරාදා නිකුත් කරනු ලැබීය.
ඒ අනුව ඉදිරි සති දෙකේ රජයේ කාර්යාලවලට සේවකයන් සීමිත පිරිසක් කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරා ඇත. ඉතිරි පිරිස නිවසේ සිට රාජකාරී කටයුතුවල යෙදිය යුතු බවද උපදෙස් දී ඇත.
මේ අතර රජයේ පාසල්වල අධ්‍යාපන කටයුතු හෙට සිට සති දෙකක කාලයක් මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට තීරණය කර ඇත.
ඉන්ධන හිඟය මේ වන විට බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති අතර රටේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට පවා නොහැකි තත්වයක් උද්ගතව තිබේ.