(මහින්ද නිශ්ශංක)
පිටකොටුව තොග වෙළෙඳ පොළේ තොග වෙෙළඳාම සියයට 75කට වඩා අඩු වී ඇතැයි එම තොග වෙෙළඳ පොළ ආරංචි මාර්ග අනාවරණය කරයි.
මීට අමතරව අනිකුත් වෙෙළඳ පොළ තොග හා සිල්ලර වෙෙළඳාමට සියයට 75 කට වඩා අඩු වී ඇති බවත් එම වෙළෙඳපොළ ආරංචි මාර්ග අනාවරණය කරයි.
විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළයාම ගොවි හා කම්කරු ජනතාවගේ රැකියා මාර්ග අහිමි වීම හා ජනතාව අතර මුදල් සංසරණය නොවීම ඇතුළු හේතු ගණනාවක් නිසා වෙළෙඳාම පහත වැටී ඇති බව වාර්තා වේ. පිටකොටුව තොග වෙළෙඳ පොළේ අවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය තොග පවතින බවත් ඒවා මිලදී ගැනීමට හා රැගෙන යාමට වෙළෙඳුන්ගේ පැමිණීමේ විශාල අඩුවක් තිබෙන බවත් ඔවුහු පවසති.
මේ අතර දැනට මාස 2ක පමණ කාලයක සිට කොළඹ වරායේ හිර වී තිබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර වර්ග අඩංගු කන්ටේනර් මෙතෙක් නිදහස් කර ගැනීම සඳහා බලධාරීන් ක්‍රියාකර නොමැති බවද ඔවුහු කියා සිටිති.