පිණ්ඩපාත හිමිවරුන් වෙසෙන ආරණ්‍ය සේනාසනයට 10,273 ක විදුලි බිලක්


 

පිණ්ඩපාතයෙන් යැපෙන භික්ෂුන් වහන්සේලා වැඩවසන වයඹ පළාතේ ආරණ්‍ය සේනාසනයකට මේ මාසයේ විදුලි බිල ලෙස රුපියල් 10,273ක බිලක් ලැබී ඇත. මෙතෙක් මෙම ආරණ්‍ය සේනාසනයේ සාමාන්‍ය විදුලි බිල රුපියල් 5000කට අඩු ප්‍රමාණයකින් පැවැතිණ.

විදුලි බිල වැඩි කිරීමට ගන්නා ලද තීරණයට අනුව එම විදුලි බිල දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ඇත. පාවිච්චි කළ ඒකක සඳහා ගාස්තුව රුපියල් 3058ක් වී ඇති අතර එයට ස්ථාවර ගාස්තුව රුපියල් 1500ක් පාවිච්චි කළ විදුලිය සඳහා අය කිරීම රුපියල් 4558ක් හා සැපයුම් පිරිවැය රුපියල් 8096.58ක් වශයෙන් මිල එකතු කර ඇත.   
කිසිදු ආදායමක් නොමැතිව ආරණ්‍යය සේනාසනයේ භාවනානුයෝගීව සිටින භික්ෂුන් වහන්සේ විදුලි බිල නිසා බලවත් අසීරුතාවට මුහුණ පා සිටින බව ද වාර්තාවේ.