පිරිපහදුව වහලා භූමිතෙල් රටින් ගෙනත්


දයාසීලි ලියනගේ

මෙරට පිරිපහදුව වසා තිබූ අවස්ථාවේ භූමිතෙල් විශාල ප්‍රමාණයක් ඩොලර් ගෙවා ආනයනය කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි. 

පිරිපහදුව ක්‍රියාත්මක වෙද්දී අතුරු නිෂ්පාදනයක් වශයෙන් ලබා ගන්නා භූමිතෙල් ජනතාවට අලෙවි කරනවාට අමතරව වඩාත් පිරිසිදු කර ගුවන් යානා ඉන්ධන වශයෙන් අලෙවි කර ඩොලර් ලබා ගත් බව ද එම සංගමයේ සභාපති අශෝක රංවල මහතා කීය.  


අවම මිලට භූමිතෙල් නිෂ්පාදනය කර ගැනීමට හැකියාව තිබිය දී රටට ඩොලර් නැති අවස්ථාවේ ඩොලර් දී භූමිතෙල් මිලදී ගෙන ඇති බවද ඔහු කීය.