අජන්ත කුමාර අගලකඩ
පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපවත්වා, කල් දැමීමට ආණ්ඩුව පියවර ගතහොත්, සියලු දෙනා එක්ව නීතිමය ක්රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
ඊට එරෙහිව වෙන් වෙන්ව සටන් කිරීමට වඩා එක්ව සටන් කිරීම වඩාත් ප්රායෝගික බව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කොළඹදී ඉකුත් දා පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නිදහස් ජනතා සභාවේ මැදිහත් වීමෙන් හා සමගි ජන බලවේගය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ජතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී ඉකුත් දා පැවැත්වූ අතර, එහිදී මහාචාර්ය ජී. එල්. පීරිස් හිටපු ඇමතිවරයා දැනුම් දී තිබුණේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පියවර ගතහොත් අධිකරණය හමුවට යාමට නීතිඥයන් කණ්ඩායමක් සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති බවය.
ඉකුත් 2016 පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයේදී පත්වූ පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් වසරේ අවසන් වූ අතර, එය ලබන මාර්තු මාසය දක්වා දැනට කල් දමා තිබේ.
මැතිවරණ ක්රමය සංශෝධනය කිරීම හා පළාත් පාලන ආයතන සභිකයන් අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගිය සතියේ කළ ප්රකාශයක් හේතුවෙන් ආණ්ඩුව එය කල් දැමීමේ උත්සාහයක් පවතින බවට විපක්ෂය විශ්වාස කරයි.
දැනට කල් තබා ඇති පළාත් පාලන ආයතනවල මැතිවරණය පළාත් පාලන මැතිවරණ පනතට අනුව, ලබන මාර්තු මස 20 වැනිදාට පෙර පැවැත්විය යුතු වේ.