(පද්මිණී මාතරගේ)
රටේ ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කරන විසඳුම් යෝජනා රැගෙන පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා වන වැඩ පිළිවෙළ හෙට (නොවැම්බර් 1) මහරගමින් ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
මෙම පුළුල් මහජන ව්‍යාපාරය ‘‘ගමින් පටන් ගමු’’ මැයෙන් නම් කර තිබෙන අතර, මෙහි ආරම්භක පියවර එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක, පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එහි දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ද විජිත හේරත් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.